ආයුබෝවන්

Saturday, July 2, 2011

ලොව රහසිගතවම පවත්වාගෙන යන ස්ථාන 10

මනුෂ්වයා වනාහි අරැම පුදුම ජිවියෙක් බව අප දනිමු.එහෙත් ඹහුට සමස්ථ මානව සංහතියෙන්ම වසන් කිරීමට තරම් රහස් ඇති බව දන්නවාද? මේ එසේ ලොව රහසිගතවම පවත්වා ‍ගෙන යන ස්ථාන 10 පිළිබද වයි.
10 . RAF Menwith Hill (UK)
බ්‍රිතාතන්‍ය යුධ හමුදාවට අයත් මෙම කදවුර ලෝක ECHELON  නම් රහස් ඹත්තු ජාලයට සම්බන්ධ සුවිසල් චන්ද්‍රිකා මධස්ථානයක් හා සන්නිවේදන අතුරැකඩ කි( Communications intercept).මිසයිල අනතුරැ හැගවීම් මධස්ථානයක් ලෙසද හදුන්වන මෙය ට ලොව කොතැනක හෝ ගුවන්ගත කරන මිසයිලක් ගැන තොරතුරැ ප්‍රථමයෙන්ම ලබා ගත හැකි නිසා ලොව විශාලතම ඉලෙක්ට්‍රොනික ඹත්තු බැලීමේ  මධස්ථානය ලෙස හදුන්වයි.
9.Club 33 , Disneyland California (USA)
සාමාන්‍ය ජනතාවට තහනම් වූ ලොව සුපිරි ධනවතුන්ගේ ‍ෙපෘද්ගලික  සම්භාෂණ වලට පමණක් සීමා වූ ඉස්තරම් ම හා මිල අධිකම මත්පැන් සහිත ඩිස්නිලන්තයේ New Orleans Square හි පිහිටි මෙම රහස් සමාජ ශාලාවේ සමාජිකත්වය සදහා ‍ඩොලර් 30,000 ක් හා වසර 14 ක් පොරොත්තු  ලේඛනයේ සිටීම අනිවාර්ය වේ.
8.Bohemian Grove California (USA)
ලොව බලගතුම පුරැෂයන්ට පමණක් සමාජිකත්වය ගත හැකි මෙම කදවුරැ භූමිය 1872 ස්ථාපිත කරන ලද අක්කර 2700 විසිරැනු ප්‍රදේශයක පිහිටා ඇත.ජනාධිපතිවරැ,අමාත්‍යවරැ,සමාගම්(තෙල්,බැංකු,අවි ආයුධ,මූල්‍ය) අධක්ෂවරැ,ඉහළ යුධ හමුදා  නිලධාරීන් මෙහි අමුත්තන් වේ.
7.The Vatican Secert Archives (Vatican City)
වතිකානුවේ පිහිටි මෙම ලේඛනාගාරයට ඇතුල් වීමට අවසර ඇත්තේ පාප් වහන්හසේට පමණක් වන අතර සියලු පාප් වහන්සේලා ගේ ‍පෘද්ගලික ලිපි ලේඛන ,රාජකීය ලේඛන හා වසර 75 වඩා පැරණි ආගමික ලේඛන සැතැපුම් 52 ක් පමණ දුරකට රාක්ක ගත කර ඇති බවට සැලකේ.
6.Lascaux Caves ( France)
ආදි ගල් යුගයට අයත් ගුහා සිතුවම් සහිත මෙම ලෙන් සංකීර්ණයට ඇතුලුවිමට අවසර  දී ඇත්තේ විද්‍යාඥයන් අතලොස්සකට පමණි.ඒ සතියකට විනාඩි 20 ක් පමණ කාලයක ටයි.
5.Pine Gap ( Australia)
ඹස්ට්‍රේලියා හා ඇමෙරිකානු රජයන් ඒකාබද්ධව පවත්වා ගෙන යන චන්ද්‍රිකා මධස්ථානයක් ( Satellite tracking station ) වන මෙයට ඇතුල්වීම හා අඩි 18,000  ක ගුවන් තහනම් කලාපයක් පවතී.ECHELON ඔත්තු ජාලයට සබැදි මෙම මධස්ථානය තුල ඇමරිකානු ආරක්ෂක ඒජන්සියට ( NSA) හා CIA සංවිධානයට අයත්  නිලධාරීන් 800 පමණ සේවය කරන බවට සැලකේ.රහස් අවි ආයුධ තැනීම හා පරික්ෂණය,රහස් සන්නිවේදන කටයුතු වැනි මෙහෙයුම් මෙහි සිදු කරන බවට සැක කරයි.
4.Metro 2 ,Moscow ( Russia)
රහස් භූගත උමං මාර්‍ග ජාලයක් වන මෙය මොස්කව් පොදු උමං දුම්රිය ජාලයට සමාන්තරව අඩි 50 ත් 200 ත් අතර ගැඹුරින් පිහිටි මාර්‍ග 4 කින් සමන්විත වේ.සෝවියට් සමූහආණ්ඩු සමයේ  දි ජෝසප් ස්‍ටාලින් විසින් තනන ලද මෙය D-6 කේත නාමයෙන් හදුන්වන අතර සෝවියට් ජාතික ආරක්ෂක ඒජන්සියත්( KGB) රැසියානු රහස් ඔත්තු සේවයත් ( Russian Secret Service) පරිහරණ‍ය කරයි.එහෙත් මෙහි පැවැත්ම ගැන තොරතුරැ කිසිවෙක් සනාථ නොකරයි.
3.Room 39, Pyongyang ( North Korea)
Room 39(Bureau 39) ලෙස හදුන්වන රහස් සංවිධානයක් නීතිවිරෝධි අවි ආයුධ, මත් ද්‍රව්‍ය,මුදල් ජාවාරමේ යෙදෙන බවට සැක කරයි.මෙම සංවිධානයට අයත් බැංකු ගිණුම් 10 -20 අතර ප්‍රමාණයක් චීන,ස්විස්ටර්ලන්ත බැංකුවල පවතී.මෙය උතුරැ කොරියාවේ පාලක කම්කරැ පක්ෂ ගොඩනැගිල්ලේ ස්ථානගතව ඇතැයි විශ්වාස කෙරේ.
2.Mezghorye ( Russia)
රැසියාවේ පිහිටි අත්හැරදමන ලද නගරයක් වන මෙහි ඇති Yamantaw කදුකර ප්‍රදේශය තුල ඉතා රහසිගතව පවත්වා ගෙන යන න්‍යෂ්ටික බලාගාරයක් හෝ භුගත බංකර සමූහයක් පවතින බව විශ්වාස කරයි.මෙහි න්‍යෂ්ටික මිසයිල අංගනයක් වන බවටද විශ්වාස කරයි.මෙහි යුධ හමුදා බලඇණි 2 ක් ස්ථීරවම රදවා ඇති අතර රැසියානු රජය මෙය න්‍යෂ්ටික යුද්ධය කදී නායකයින්ට සැගවීමට තැනූ බංකරයක් බව පවසයි.
1.Area 51 ,Nevada ( USA)
ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් පරීක්ෂණ ධාවන පථයක් වටා ඇති මෙම ප්‍රදේශය ගැන ඇමෙරිකානු රජය කරැණු දැක්වීමෙන් වැලකී සිටින අතර එය සිතියම් කර ද  නැත. මෙම ප්‍රදේශය ගැන චන්ද්‍රිකා ජායාරෑප ද ගත නොහැකි අතර ඇතුල්වීම සපුරා තහනම් ‍වේ.අතිශයින්ම රහස් වු මෙහෙයුම්, රහස් ඔත්තු යානා ගුවන් ගත කිරීම් ,අති බිහිසුණු අවි ආයුධ පරීක්ෂණ කටයුතු සිදු කරන බවට සැලකේ.මීට අමතරව පිටසක්වල ජිවීන් හා යානා( UFO) සම්බන්ධ ඉතා රහසිගත කටයුතු පිළිබදවත් සැකයක් පවති.


මම බොලොග් කරණයට නවකයෙක්මි.මේ මගේ ප්‍රථම ලිපිය වන බැවින් ඔබලාගේ අදහස් අපේක්ෂා කරමි.

2 comments:

  1. ඇයි යකෝ 49 කල්ලියෙ summer hut.ඒකත් ඔය 10ට දාපන්...

    ReplyDelete
  2. Nice Work! keep it up...

    ReplyDelete